34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

නිදහස් සැමරුමට පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි

Must read

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුවට සහභාගි වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ මහත්මිය දින පහක සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඇය මෙරට රැඳී සිටින කාලයේ දී රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් ඇතුළුව පාර්ශ්ව රැසක් සමඟ ද්වීපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා මහලේකම්වරිය ශ්‍රී ලංකාවට පැමිණෙන බව පෙන්වා දෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පෙබරවාරි මස පළමු වැනිදා මෙරටට පැමිණෙන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පස් වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවද කියාසිටී. සිය සංචාරය අතරතුර පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

More articles

Latest article