33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

නීතිවිරෝධීව ප්‍රංශයට යෑමට සුදානම්ව සිටි 47ක් නාවික හමුදා භාරයට

Must read

නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට යෑමට සුදානම්ව සිටි පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අද (01) අලුයම සිදුකළ වැටලීමක දි වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී 39 දෙනෙකු එලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඔවුන්ගෙන් ලද තොරතුරු මත තවත් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු සිටින බව වාර්තා වෙයි.

ඔවුන් මඩකලපුව, හලාවත, මාරවිල, ත්‍රිකුණමලය සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ පිරිස වෙන්නප්පුව ප්‍රදේශයට ප්‍රවාහනය කළ වාහන 03ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර එම ජාවාරම සිදුකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

More articles

Latest article