26 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අල්ලස් චෝදනාවෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිදහස්

Must read

ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදොස් කොට තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව සිදුකළ විමර්ශන මඟින් ඔහුගේ නිර්දෝශී බව පෙන්වා දී ඇති බව වාර්තා වේ.

අදාළ කමිටු වාර්තාව පසුගියදා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දී තිබුණි.

එහිදී සිදුකළ විමර්ශනයට අදාළ කමිටු වාර්තාව පිළිබඳ ඊයේ (01) රැස්වූ කැබිනට් මණ්ඩලයේ ද සාකච්ඡා කර තිබේ.

තමාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණි.

More articles

Latest article