34 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

රනිල්ගේ අය වැයට විපක්ෂය ආසයි බයයි – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Must read

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් ආසයි බයයි ප්‍රතිපත්තියක නොසිට ධනාත්මකව සිතමු යැයි වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අයවැය යෝජනා ගැන දැක්වූ අදහස් අනුව එතුමාට ජනපතිගේ අතුරු අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති නමුත් එය ක්‍රියාත්මක කරගන්න හැකි වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.

හැම වෙලාවෙම සෘණාත්මක නොවී ධනාත්මකව සිතමු යැයි පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එදා අගමැතිකම බාර ගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට පැය බාගයක් තිස්සේ පැවසූ නමුත් එයින් පලක් නොවූ බවද රනිල් වික්‍රමසිංහ මහතා නොබියව පැමිණ පැමිණ අභියෝගයට බෙල්ල දුන් බවද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් දිනයට වඩා අද දිනය වන විට රටේ ස්ථාවර බවක් ඇතිවී තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික ගිවිසුම අස්සන් කිරීමට හැකි වාතාවරණයක් පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අතුරු අයවැය තෙදින විවාදයට සහභාගී වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.

More articles

Latest article