ශ්‍රී ලාංකීය ජනතාවට නවමු අත්දැකීමක් එක්කරමින් නෙළුම් කුලුනේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදිවූ නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වෙයි.
ඒ අනුව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇත.
ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.