29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

යුද හමුදාවේ අවිශ්ක රේසිං සුපිරි තරගය ජය ගනී

Must read

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධාන කළ නෙස්ටොමෝල්ට් අභියෝග පාපැදි සවාරියේ රේසිං සුපිරි තරග ඉසව්වේ ජය අත් කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවිශ්ක මෙඩොන්සා සමත් විය. කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ කළ කිලෝමීටර් 48කින් සමන්විත වූ එම තරගය නිමා කිරීමට අවිශ්කට වැය වූ කාලය පැයකුත්, මිනිත්තු 6ක් සහ තත්පර 3ක් විය. එම කාලයම වාර්තා කළ යුද හමුදාවෙහිම සඳරුවන් පින්ටෝ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුසංඛ පිළිවෙළින් දෙවැනි හා තුන් වැනි ස්ථානය අත් කර ගත්හ. යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂ පැයකුත්, මිනිත්තු 6ක් සහ තත්පර 6කින් තරගය නිමා කරමින් සිව් වැනි ස්ථානයට පත් වෙද්දී යුද හමුදාවේහිම නිරාන් පසිඳු පැයකුත්, මිනිත්තු 6ක් සහ තත්පර 36ක කාලයක් වාර්තා කරමින් පස් වැනි තැනට පත් විය.

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ පැවති නෙස්ටමෝල්ට් අභියෝගතා පාපැදි සවාරියේ රේසිං සුපිරි තරග ඉසව්වේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වැඩ බලන සභාපති ගෘෘප් කපිතාන් රංග පෙරේරා, නෙස්ලේ ලංකා සමාගමේ මහජන සබඳතා ජ්‍යෙෂ්ඨ කළමනාකරු දමිත කුලතුංග, කොමදෝරු එල්.අයි.එන්. ලංකා සහ පාපැදි සම්මේලනයේ උප සභාපති චන්දන කස්තුරිආරච්චි මහත්වරු එක් වූහ.

More articles

Latest article