31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි සවාරිය

Must read

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, නෙස්ලේ ලංකා සමාගම සමඟ එක්ව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ සංවිධාන කළ නෙස්ටොමෝල්ට් අභියෝග පාපැදි සවාරියේ අවුරුදු 50ට වැඩි ඉසව්වෙන් ජය අත් කර ගැනීමට ප්‍රසන්න මැඩොන්සා සමත් විය.

කිලෝමීටර් 28ක දුරකින් සමන්විතව කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වූ මේ තරගය නිමා කිරීමට ප්‍රසන්නට මිනිත්තු 45යි තත්පර 12ක කාලයක් ගත වූ අතර, එම කාලයම වාර්තා කළ කැලණි පාපැදි සමාජයේ ඩබ්. රෝහිති දෙවැනි ස්ථානයට පත් විය. එම කණ්ඩායමේ එරික් ඉරාන් පෙරේරා (තත්. 45.22) තෙවැනි තැන හිමිකර ගනිද්දී ශ්‍රී එක්සත් පාපැදි සමාජයේ ඇන්තනී ඩයස් (තත්. 45.22) සහ කදිරාන ස්පීඩ් පාපැදි සමාජයේ ටෙරන්ස් කින්සන් (තත්. 46.03) පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවලට පත් වූහ.

More articles

Latest article