30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

නෙළුම් කුලුනේ ප්‍රවේශපත්‍ර ගැන චීන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

Must read

නෙළුම් කුලුන නරඹීම සඳහාවන ප්‍රවේශ පත්‍රය ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන ටිකට්පත ව්‍යාජව සකස් කරන ලද්දක් බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් කර තිබේ.

ට්විටර් සටහනක් තබමින් එම කාර්‍යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සමාජ මාධ්‍යයන්හි එවැනි පුවත් සඳහා ප්‍රචාරයක් ලබාදීමට ප්‍රථමව කරුණු විමසීමක් කරන ලෙසයි. සැබෑ ටිකට් පතක් මිලදී ගෙන නෙළුම් කුලුන නැරඹිය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

මෙය විදේශිකයන්ට අමෙරිකා ඩොලර් විස්සක ප්‍රවේශපත්‍රයක් ලබා ගත යුතුය. රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අයට පෝලිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළු විය හැකිය. අවස්ථා කිහිපයක් වුවද කුලුනේ ඉහළට යා හැකිය.

රුපියල් 500 ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අයෙකුට කුලුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ප්‍රවේශ පත්‍රය වෙනුවට කිව් ආර් කේතයක් හදුන්වා දීමටද සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ චීන ජාතිකයින්ට ප්‍රවේශ පත්‍ර ගාස්තුවලින් නිදහස් කිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් නෙළුම් කුළුණේ බව කියන ටිකට් පතක් සමාජ මාධ්‍යවල සංසරණය වු ප්‍රවේශපත්‍රය ව්‍යාජ එකකි.

More articles

Latest article