30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

නුවරඑළිය මහනගර සභාවට කෝටි 8ක වරිපනම් බදු පොල්ලක්

Must read

නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශය තුළ 2020-2022 වසර තුනක කාලයක් වරිපනම් බදු නගර සභාව වෙත නොගෙවූ අයගේ දේපොළ ඉදිරි සතිය තුළ නගර සභා භාරයට ගැනීම කටයුතු කරන බව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසීය.

නුවරඑළිය මහ නගර සභාව සීමාවට අයත් නිවාස වෙළෙඳසල්, සංචාරක හෝටල් සහ ඉඩම් සදහා කාර්තුවෙන් කාර්තුවට මහ නගර සභාව වෙත ගෙවිය යුතු වරිපනම් බදු මුදල් නොයෙකුත් හේතූන් මත ඇතැම් පිරිස් විසින් ගෙවා නොමැති බවත්, එම වසර තුනක කාලය තුල නුවරඑලිය මහ නගර සභාවට වරිපනම් බදු වශයෙන් රුපියල් කෝටි 8ක පමණ මුදලක් අය විය යුතුව ඇති බව එම නගගර සභාවේ ආදායම් අංශයේ නිලධාරියකු කියා පැවසීය.

එසේ වරිපනම් බදු හිතාමතා ගෙවිම් මඟ හැර සිටින අයවලුන්ගේ දේපොළ මහ නගර සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සතිය ඇතුළත තහනම් කරන බව සඳහන් කරමින් නුවරඑළිය නගරයේ ස්ථාන කිහිපයකම රතු නිවේදන ප්‍රදර්ශනය කරමින් හා වරිපනම් බදු නොගෙවූ අයට අත් පත්‍රිකා බෙදා හරිමින් නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය පොදු ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට අනතුරු අඟවා ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ ව්‍යාපාරිකයන් හා මහජනතාව සඳහන් කර සිටියේ වසර තුනක කාලයක් මුළුල්ලේ ඇතිවුණු නොයේකුත් ගැටලු කාරී හා ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ උද්ගත වූ ආර්ථික අපහසුතාවන් හේතුවෙන් මහා නගර සභාවට ගෙවිය යුතු වරිපණම් මුදල් ගෙවීමට නොහැකි වූ බවත්, ආර්ථික වශයෙන් මේ වන විට තමන් ගැටලු රැසකට මැදි වී සිටින නිසා වරිපනම් නොගෙවීම හේතුව මත නගර සභාව තම දේපොළ පවරා ගැනීමක් සිදු වුවහොත් තමන් කබලෙන් ළිපට වැටෙන බවයි.

වරිපනම් බදු නොගෙවිම නිසා වරිපනම් බදු නොගෙවූ අයගේ දේපොළ නගර සභාව පවරා ගැනිම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති හා මුදල් කාරක සභාවේ සභාපති චන්දන ලාල් කරුනාරත්න මහතා කියා සිටියේ මහ ජනතාව හා ව්‍යාපාරිකයන් පත්ව ඇති ආර්ථික අපහසුතා සහ අසීරුතාවන් තමන්ට තේරුම් ගැනීමට හැකි වන බැවින් ඔවුන්ට ඇති ගැටලුකාරී තත්වයන් පිළිබඳ තමන්ට ලිඛිතව දැනුම් දුනහොත් ඒ පිලිබඳ සියලුම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර හිඟ වරිපනම් බදු ගෙවීමට යම් සහන කාලයක් දීමට පියවර ගන්නා බවයි.

More articles

Latest article