32 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

පළමු දින 15ට ලක්ෂයක් නෙළුම් කුලුන නරඹලා

Must read

දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන මහජනතාව වෙත විවෘත කිරීමෙන් අනතුරුව පළමු දින 15ක කාලයේ දී ලක්ෂයකට වැඩි පිරිසක් එය නරඹා තිබේ. ලෝක ළමා දිනය යෙදුණු පෙරේදා (01) දිනයේ පමණක් 11,752 දෙනකු නෙළුම් කුලුන නරඹා තිබෙන අතර ඊට අමතරව ඊයේ (02) දිනයේ දී 10,000 ට ආසන්න පිරිසක් එය නරඹා තිබෙන බව වාර්තා වෙයි.

කොළඹ, නෙළුම් කුලුන විවෘත කළ පසුගිය සැප්තැම්බර් මස 15 දා පමණක් රුපියල් ලක්ෂ 21ක පමණ ආදායමක් උපයා ගැනීමට සමත්වූ අතර එදින පුද්ගලයන් 2,612 දෙනකු එය නරඹා තිබෙන බව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

More articles

Latest article