25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

වයඹ හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කෙරේ

Must read

කොවිඩ් -19 අවදානම සැලකිල්ලට ගනිමින් නිතිවිරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයින් පැමිණීම වළක්වා ගැනීම සඳහා වයඹ හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව වයඹ දිග හා උතුර මුහුද ආශ්‍රිතව නාවික හමුදා යාත්‍රා හා නෞකා මුරසංචාර වැඩිකිරීමට පියවර ගෙන ඇති අතර අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා හා වේග ප්‍රහාරක යාත්‍රා යෙදවීමට ද කටයුතු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීම සඳහා නාවික හමුදා පාමුර සංචාර මෙන්ම තොරාගත් ස්ථානවල වෙරළ නිරීක්ෂණ ස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම නීතිවිරෝධි සංක්‍රමණිකයින් පැමිණීම සම්බන්ධයෙන් යම් සැක සහිත ක්‍රියාකාරකමක් නිරීක්ෂණය වුවහොත් වහාම අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙස ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බව නාවික හමුදා මුලස්ථානය පවසයි.

More articles

Latest article