25 C
Colombo
ඉරිදා, අප්‍රේල් 2, 2023

නුගේගොඩදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Must read

නුගේගොඩ, වැලිපාර්ක් හන්දියේදී ඊයේ රාත්‍රී 8.00ට පමණ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞද්ගලික බස් රථයක් මෝටර් රථයක සහ පසුව ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස් රථය මුලින්ම සරසවි උද්‍යාන මාවත දෙස සිට පැමිණි මෝටර් රථයක ගැටී ඇති අතර පසුව බස් රථය මාර්ගයේ විරුද්ධ මං තීරුවට ගොස් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ද ගැටී ඉදිරියට ඇදී ගොස් යළි තාප්පයක ද ගැටී තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු සහ පිටුපස ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියැදුරු සහ ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත. තුවාල ලැබූ මෝටර් රථ රියැදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මරණකරුවන් 54, සහ 30 යන වයස්වල පසුවන නුගේගොඩ සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

More articles

Latest article