25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

කෝටි 1,280ක වියදමින් නව කාබනික පොහොර නිෂ්පාදන කම්හල් හතරක්

Must read

රුපියල් කෝටි 1,280ක මුදලක් ආයෝජනය කරමින් මෙරට කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලා පහක් ඉඳි කිරීම සඳහා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ පෝලන්ත ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන Regina Purpurea Funds සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

Regina Purpurea Fundsහි නිර්මාතෘ සහ සභාපති Hubert Drabik මහතා පැවසුවේ තුන් මසකින් කාබනික පොහොර සඳහා සුදුසු ආකෘති, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කොට දෙවනුව කර්මාන්ත ශාලා ‍පහ ආරම්භ කරන බවයි.

පෝලන්තයේ පමණක් නොව යුරෝපා සංගමයේද කාබනික පලතුරු සහ එළවළු සඳහා ඉහළ වෙළෙඳපොළක් මෙන්ම ඉහළ මිලක් පවතින බවද ඔහු සඳහන් කරයි.

මේ හවුල් ව්‍යාපාරය අනුව ත්‍රිකුණාමලය, මොණරාගල, අනුරාධපුර සහ හුණුපිටිය යන ප්‍රදේශවල කර්මාන්ත ශාලා හතරක් ක්‍රියාත්මක වන අතර, අති නවීන පරීක්ෂණ සහ සහතික කිරීමේ රසායනාගාරයක සහාය ඇතිව වාර්ෂිකව කාබනික නිෂ්පාදන මෙට්‍රික් ටොන් 200,000ක ධාරිතාවක් ගිවිසුම්ගතව නිපදවනු ඇත.

කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන සහ නියාමනය කිරීමේ රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ මේ අවබෝධතා ගිවිසුම තුළින් රටේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ඇති (NPF) කෘෂිකාර්මික සංවර්ධන ප්‍රතිපත්තියේ ප්‍රධාන උපායමාර්ගික ක්‍රියාමාර්ගයන් ආරම්භ කරන බවයි.

More articles

Latest article