29 C
Colombo
බදාදා, මැයි 22, 2024

රථ වාහන දඩ මුදල් online ක්‍රමයට ගෙවීම පිළිබඳ අවධානය

Must read

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ගෙවීම ONLINE තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නීති අණ පනත් සකස් කිරීම සදහා වන විශේෂ සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා, තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍ය සංවර්ධන සම්බන්ධිකරණ අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා , ප්‍රවාහන අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය හා නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණී.

රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් ගෙවීමේදී දැනට පවතින ක්‍රමවේදය පිළිබදව අධ්‍යනය කර නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වු අතර එම ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසය වන විට සකස් කිරීම පිළිබදව සාකච්ඡා විය.

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් වරද සිදු කළ ස්ථානයේදීම ගෙවීම සිදු කළ හැකි පරිදි නීති සම්පාදනය කිරීම හා ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වු අතර ඒ සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ගරු මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ අධීක්ෂණයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකුව, ලංකා CLEAR ආයතනය හා ICTA ආයතනය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විතව කමිටුවත් පත් කෙරිණි.

මෙම කමිටුව විසින් සිය නිර්දේශ ලබන වසරේ ජනවාරි මාසය වන විට ලබා දිය යුතු අතර ඉන් පසුව එම නිර්දේශයන් ද සැළකිල්ලට ගෙන නව නීති සම්පාදනය හා තාක්ෂණය භාවිතා කරනු ලබන ආකාරය පිළිබදව කටයුතු කරනු ලබයි. මෙම නව ක්‍රමවේදය පළමුව අධිවේගී මාර්ගයන් තුළ සිදු කිරීම පිළිබදව සාකච්ඡා වු අතර පසුව අනෙකුත් මාර්ග සදහා මෙම ක්‍රමය ක්‍රමයෙන් හදුන්වා දීය යුතු බව මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාවට පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීතී) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා බැංකුව,මහජන බැංකුව, පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ප්‍රවාහන

අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ICTA ආයතනය, ලංකා CLEAR ආයතනය, නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.

More articles

Latest article