33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ඔලිවියා නිව්ටන් ජෝන් දිවි ගමනට සමුදෙයි

Must read

ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

පිළිකා රෝගයෙන් පීඩා විදි ඇය අමෙරිකාවේ කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1948 වර්ෂයේ කේම්බ්‍රිජ්හිදී උපත ලැබු ඔලිවියා නිව්ටන් මියයන විට 73 වන වියේ පසුවුණි.

ඔලිවියා නිව්ටන් ජෝන් විසින් රඟ පෑ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළු ග්‍රේස් චිත්‍රපටය බොහෝ ජනප්‍රියත්වයට පත්වූ අතර එහිදී ඇය සැන්ඩි නැමති පාසල් ශිෂ්‍යයාවකගේ චරිතයට පණපොවනු ලැබීය.

More articles

Latest article