30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඇල්ල ඔඩිසි ගමන් වාර සංඛ්‍යාව වැඩි වෙයි

Must read

දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ඉල්ලීම මත ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දැනට ධාවනය වන දුම්රියට අමතරව ලබන 8 වැනි දා සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ සිට බදුල්ල දක්වාත්, සෑම සිකුරාදා දිනකම බදුල්ල සිට කොළඹ දක්වාත් දුම්රිය ගමන් වාරයක් ක්‍රියාත්මක කෙරේ.

ඇල්ල ඔඩිසි දුම්රිය ආසන වෙන් කිරීම ආරම්භ කළ පළමු තත්ත්පර ගණන තුළ ආසන වෙන් කිරීම් අවසන් වන බවත් අවශ්‍යතාව අනුව සඳුදා කොළඹින් පිටත්වීම සහ අඟහරුවාදා නැවත බදුල්ල සිට පැමිණීමට ඇල්ල ඔඩිසි දුම්රිය යෙදවීමට අවධානය යොමුව තිබේ.

දුම්රිය ධාවනයට නියමිත දිනට දින 14ක කාලයක් තුළ ඒ සඳහා ආසන වෙන් කිරීමට හැකියාව පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දැනට ඇල්ල ඔඩිසි දුම්රිය ධාවනය වන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනවල පමණි.

More articles

Latest article