27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පොල්තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Must read

ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව බෝතල් කළ, ඇසුරුම් කළ, බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණන ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වල වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙයි.

පොල් තෙල් ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙදුන් වෙත මෙම නියෝගය බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

More articles

Latest article