31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්

Must read

දිගු කලක් තිස්සේ මෙරටට තෙල් ආනයනය කරනු ලබන ආයතන 4ක තෙල් සාම්පල පරීක්ෂාවට ලක්වෙමින් පවතින අතර දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන සමාගම්වල සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසීය.

පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (ආහාර පරීක්ෂණ ඒකකය) සමග එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ඉහත ආනයන තෙල් තොග නිදහස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ලබාදෙන බවද ප්‍රමිති ආයතනය සඳහන් කරයි.  

ආනයනකරුවන් 4 දෙනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

More articles

Latest article