28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

පාස්කු දා ප්‍රහාරයෙන් බැට කෑ ජනතාවට උපරිම සාධාරණය ඉටු කරනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Must read

පාස්කු දා ප්‍රහාරයෙන් බැට කෑ ජනතාව වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කිරීමට රජයක් වශයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට නිවාස බෙදා දීමේ උත්සවයට ඊයේ (28) එක් වෙමින් ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වුවන්ට සාධාරණයක් ඉටු කිරීම පිළිබඳ රජයකට කළ හැකි සියලු මැදිහත්වීම් සිදු කරන බවත්, රටේ සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත් වීමේ අයිතිය සලසන බවත් අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

නිවාස අහිමි පුද්ගලයන් වෙනුවෙන් නිවාස දීම එහි එක් අදියරක් වශයෙන් මේ මොහොතේ සිදු කරන බවත් ඉදිරියටද එම යුතුකම් ඉටුකිරීමට ඇප කැප වන බවත් හෙතෙම කීවේය. මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් හමු වන සෑම දිනකදීම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අයට සාධාරණය ඉටු කරන ලෙස පැවසු බවත්, එම සාධාරණය තම ආණ්ඩුව යටතේ ඉටුුකරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය. තමන් ජනාධිපතිවරයාව සිටියදී තිස් වසරක් පැවති ත්‍රස්තවාදය අවසන් කර ජාති ආගම් භේදයෙන් තොරව සාමකාමීව ජීවත් වීමේ නිදහස ඇති කළ බව කී රාජපක්ෂ මහතා ඉදිරියටත් ජනතාවට සාමකාමීව ජීවත්වීමේ අයිතිය සලසන බව පැවසීය.

More articles

Latest article