28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

මෙවර නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය-වැයක් – ජනාධිපති ලේකම්

Must read

සාම්ප්‍රදායික අය-වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය-වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම්, ආචාර් ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. “ඉදිරි අය-වැය සහ රටේ ආර්ථික තත්ත්වය” තේමා කරගනිමින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (02) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා එසේ කියා සිටියේය.

රටේ ආදායම් උත්පාදනයට භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන පරිමාව ඉහළ නැංවිය යුතු හෙයින් එබැවින් භාණ්ඩ හා සේවාවල පරිමාව නැංවිය හැකි ආදායම් ප්‍රතිපත්ති මෙවර අය-වැයට ඇතුළත් වනු ඇති බවත් ග්‍රාමීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවමින් ඒ සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

දේශීය ව්‍යාපාරිකයන්ට, නව ආයෝජකයන්ට මෙන්ම සංචාරකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය විය යුතු අතර රටේ සම්පත්වලට අමතරව නව ආයෝජන අවස්ථා රටට උදා වන්නේ එමගින් බව ද ජයසුන්දර මහතා පැවසීය.

More articles

Latest article