28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

තාක්ෂණික දෝෂ මත ඉල්ලා අස්කරගත් අල්ලස් නඩු යළි ගොනු කිරීම ඇරඹෙයි

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (09) කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු පවරනු ලැබීය.

මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ගල්කොරියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍ර නිකුත්කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 06ක් අල්ලස් වශයෙන් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් 2015 වසරේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි.

එහෙත් අදාළ නඩුව පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේ ම අනුමැතිය ලබාදී නොමැති බවට මූලික විරෝධතාවක් මතුවීමෙන් පසුව එම කොමිසම විසින් ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා ඉකුත්දා ඉල්ලා අස්කර ගත්තේය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේ ම අනුමැතිය සහිතව එම කොමිසම විසින් අද (09) විත්තිකාර මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ යළි අධිචෝදනා පත්‍ර ගොනු කළේය.

More articles

Latest article