25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

විශ්‍රාම යෑමේ අවම වයස නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Must read

සේවකයන්ගේ විශ්‍රාම යෑමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ (09) හිමිවිය. මෙම අනුමැතිය හිමි වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමි වීම මෙහිදී සිදු විය.

මෙම පනත් කෙටුම්පත් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කොට තිබේ.

විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකොට නොතිබුණු අතර බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය. මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය 11 වැනි දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම උපදේශක කාරක සභාව සඳහා රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, වඩිවේල් සුරේශ්, අශෝක ප්‍රියන්ත, වී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරු සහභාගී වූහ.

More articles

Latest article