25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ජනාධිපති ව්ලැදිමිර් පුටින් දෙසැම්බරයේ ඉන්දියාවට

Must read

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් දෙසැම්බර් මාසයේ ඉන්දීය සංචාරයකට එක්වීමට නියමිතය. දෙරට අතර වාර්ෂික ද්විපාර්ශ්වික සාකච්ඡාව සඳහා එක්වන රුසියා ජනාධිපතිවරයා එහිදී හමුදා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් ඇතුළුව තවත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරිමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. පසුගිය වසරේ පැවැත්වීමට තිබූ දෙරට අතර රාජ්‍ය නායකයන්ගේ ද්විපාර්ශ්වික සාකච්ඡාව කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් අවලංගු කිරීමට සිදු වී තිබිණි.

ආරක්ෂක, ආර්ථික, වෙළෙඳ, විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් රැසක් රුසියා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී අත්සන් තැබීමට නියමිතව ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වේ. මෙහි දී වඩාත්ම අවධානයට ලක් වනු ඇතැයි පැවසෙන දෙරට අතර හමුදා තාක්ෂණික ගිවිසුම වසර 2021-2031 ඉදිරි දශකය සඳහා දෙරට අතර සහයෝගිතාව ප්‍රකාශයට පත් කෙරෙන්නකි. දෙරට අතර සන්නද්ධ හමුදා සඳහා අන්‍යෝන්‍ය සැපයුම්, අභ්‍යාස සඳහා පැමිණෙන සන්නද්ධ හමුදාවන්ට රුසියාවේ සහ ඉන්දියාවේ සැපයුම් සහ දීම ඉන් සිදු වනු ඇතැයි පැවසේ. මීට අමතරව තාක්ෂණ හා විද්‍යාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ප්‍රකාශයට පත් කිරීම ද රුසියා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සිදු කෙරෙනු ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

More articles

Latest article