28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විධිමත් සැලැස්මක් නැතිව කෝටි 335ක් විවිධ ආයතනවලට ගෙවලා

Must read

විධිමත් සැලැස්මක් සහ හා විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් කෝටි තුන්සිය තිස් පහක් විවිධ ආයතනවලට ගෙවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ඊයේ (11) අනාවරණය විය.

එම මුදලින් රුපියල් මිලියන 2300.53ක මුදලක් මිල්ලනිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වැය කර ඇති අතර. අනෙකුත් රුපියල් මිලියන 1052.39ක මුදලක් බිංගිරිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වියදම් කර තිබේ.

මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමට යෝජිත භූමියේ හිමිකාරිත්වය හෝ නිරවුල් කර ගැනීමකින් තොරව මෙපමණ මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් කාරක සභාව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති, පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (11) පස්වරුවේ රැස් වූ අතර එහිදි මෙම කරුණු අනාවරණය විය.

මිල්ලනිය අපනයන සැකසුම් කලාපයට අදාළව ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් කෝටි නවයක්ද, යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි දෙසිය අටක්ද සේවා ආයතන වෙත ගෙවා ඇත.

ගිවිසුම්වලට ඇතුළත් නොවී යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙපමණ විශාල මුදලක් වැය කිරීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල ප්‍රකාශ කළේ මේ වන විට එම අදාළ ආයතන සමඟ ගිවිසුම්වලට එළඹ ඇති බවය.

එමෙන්ම මෙම මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා කාරක සභාවට මාස තුනක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය. බිංගිරිය අපනයන සැකසුම් කලාපයට අයත් ප්‍රවේශ මාර්ග ඉදිකිරීමේ කටයුතු මේ වන විට මන්දගාමි වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්ය් මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, නාලක ගොඩහේවා, ඩි.බී හේරත්, ඩී.වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, මධුර විතානගේ, ප්‍රේමනාත් සී දොළවත්ත, එස්.එම් මරික්කාර්, එස්. රාසමාණිකම් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හා රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද එකව සිටියහ.

More articles

Latest article