25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

පුනරුත්ථාපන හා විශෝධන මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය කරයි

Must read

යෝජිත නවීන පහසුකම් සහිත පුනරුත්ථාපන හා විශෝධන මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් නිවෙස් අහිමි වූ වතු කම්කරු ජනතාව සදහා නවීන පහසුකම් සහිත නිවාස 55ක් ඉදි කිරීම හා මෙම ව්‍යාපෘතියට ප්‍රවිෂ්ටවන ප්‍රධාන මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල හොරණ මිල්ලෑව වත්ත ප්‍රදේශයේදී ඊයේ(23) සිදුවිය.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරුණි.

මෙහි මූලික කටයුතු 2013 වසරේදී ආරම්භ කර ඇති ඇති අතර සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වියදම රුපියල් බිලියන 32ක් වේ.

ඉදි කිරීමට නියමිත සම්පූර්ණ භූමියෙහි ප්‍රමාණය අක්කර 700ක් වන අතර එහි වැඩ කටයුතු අදියර හතරක් ඔස්සේ සිදු කිරීමට නියමිතයි. එහි අක්කර 200ක විශෝධන මධ්‍යස්ථානයක් තවත් අක්කර 150ක ජාතික සංස්කෘතික ගැමි ගම්මානයක්, අක්කර 75ක විශ්ව විද්‍යාල ගම්මානයක් මෙන්ම ත්‍රිවධ හමුදාවට ආදාල මෙහෙයුම් මධ්‍යස්ථානයක් හා ඖෂධ නිශ්පාදනාගාරයක් ඉදිකිරීමට නියමිතය.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය භාරගන්නා විට බන්ධනාගාරගත සිරකරුවන් 33000ක් පමණ සිටි නමුත් මේ වන විට එම ප්‍රමාණය 19000ක් දක්වා අඩුකිරීමට කටයුතු කර ඇති බවයි. සියළුදෙනා අතින් වැරදි සිදුවිය හැකි අතර රජයක් ලෙස කල යුත්තේ වැරදි සිදුවූ පුද්ගයින් යලි එම වැරදි සිදු නොවන ලෙස පුනරුත්ථාපන කටයුතු වලට යොමු කරමින් එම වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව සලසා දීමෙන් අනතුරුව යලි සමාජගත කිරීම බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ වර්තමානයේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇත්තේ සාමාන්‍ය පවුල් වල පුද්ගලයින් බවයි.

යල්පැනගිය නීතී රීති සංශෝධනය කරමින් අධිකරණ පද්ධතියෙහි යටිතල පහසුකම් වැඩිදියුණූ කරමින් නව තාක්ෂණය අධිකරණ ක්ෂේත්‍රයට හදුන්වා දෙමින් සිදු කරනු ලබන්නේ ලොව දියුණූ රටවල මෙන් මෙරටෙහිද අධිකරණ පද්ධතිය ඉහල මට්ටමකට ගෙන එමින් කාර්යක්ෂමව අධිකරණ කටයුතු නිම කිරීම තුළින් අවසානයේ හජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරලීම බවද අමාත්‍යවරයා පැවසීය.

නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යාංශයෙහි ලේකම් සිරිනිමල් පෙරේරා සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, අධිකරණ අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා, පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

More articles

Latest article