25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

හිටපු ජනපති, හිටපු අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයම පාස්කු දා ප්‍රහාරයට වගකිව යුතුයි – ජනපති

Must read

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වැරදිකරුවන්ගේ අයිතිවාසිකම් අහෝසි කිරීමට පාර්ලිමේන්තු පනතකින් වුවද කටයුතු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ ය.

ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව සතු බවත්, එබැවින් ඒ ආකාරයේ ඉල්ලීම් කරනවිට ප්‍රවේශම් සහගත විය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ මෙරට ප්‍රථම එල්ලෙන පාලම වන ‘කල්‍යාණි රන් පිවිසුම‘ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (24) එක්වෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ පසුගිය මහ මැතිවරණයේ දී තමාට සහ ආණ්ඩුවට විශාල ඡන්ද බලයක් ලබා දුන් ජනතාව එදා පිළිකුලෙන් යුතුව බැහැර කළ පිරිසට නැවත බලය ලබා දීමට කිසිසේත්ම සූදානමක් නැති බවද ජනාධිපතිවරයා එහිදී කීවේය.

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා ප්‍රමුඛ පසුගිය අමාත්‍ය මණ්ඩලයම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වාර්තා ලබා දී ඇතැයි ද කීවේය.

More articles

Latest article