28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ජාතික ආරක්ෂාව ගැන තීන්දු තීරණ ගැනීමේ බලය හිටපු පොලිස්පතිට තිබුණා – පොලිස්පති

Must read

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කටයුතුවලට එරෙහිව තීන්දු තීරණ ගැනීමේ බලය හිටපු පොලිස්පතිවරයාට තිබූ බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පාස්කු ප්‍රහාරයට එරෙහිව නීතිපතිවරයා පැවැත්වූ නඩුවේ සාක්ෂි දෙමින් ඊයේ (29) පැවසීය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට තොරතුරු ලද විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ආඥා පනත ප්‍රකාරව හැකි බවත්, ඊට කිසිවකුගේ නියෝගයක් අවශ්‍ය නොවන බවත් පොලිස්පතිවරයා පැවසීය.

පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයකු බවද ඔහුට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කවුන්සිලයේ කතා කළ හැකි බවද, පැවසූ පොලිස්පතිවරයා රාජ්‍ය නායකත්වයට උපදෙස් දීමේ හැකියාව ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බව සඳහන් කළේය.

2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් නීතිවිරෝධිව රාජකාරිය පැහැර හැරියේ යැයි සඳහන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩු විභාගයේ සාක්ෂි දෙමින් පොලිස්පතිවරයා එසේ පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරු ඉදිරියේ සාක්ෂි දෙමින් එසේ පැවසීය.

More articles

Latest article