27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

අධික වේගයෙන් රිය පදවා තරුණයකු අනතුරට පත් කිරීම ගැන පාඨලීට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය දිගටම

Must read

අධික වේගයෙන් රිය පදවා තරුණයකුට බරපතළ තුවාල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ “සාක්ෂි විභාගය“ දිගටම පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (30) තීරණය කළේය.

විත්තිකාර පාඨලි චම්පික රණවක මහතා හා තෙවැනි විත්තිකරු වෙනුවෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණ ද එම මූලික විරෝධතාවට එරෙහි නීතිපතිවරයාගේ කරුණු දැක්වීම ලබන 02 දිනට නියම කළ විනිසුරුවරයා විරෝධතා සම්බන්ධයෙන් නියෝගය එදිනම නිකුත් කළ හැකි බව ද සඳහන් කළේය.

දෙසැම්බර් 02 දින නඩුවේ නියෝගයක් නිකුත් කිරීමට නියමිතව තිබුණ ද නඩුව විභාග රෝලෙන් ඉවත් නොකිරීමට තීරණය කළ බව පැවසු දමිත් තොටවත්ත මහතා එදින නඩුවේ දෙවැනි හා පස්වැනි සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි ද නිකුත් කළේය.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින අනතුරට ලක්ව බරපතළ තුවාල ලැබු සන්දීප් සම්පත් ගුණවර්ධන රෝද පුටුවකින් අධිකරණයට පැමිණ සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

More articles

Latest article