27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

සියල්කෝට් ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රියන්ත වෙනුවෙන් අරමුදලක්

Must read

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කෝට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර ඇත.

මේ වන විට අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහුගේ පවුලේ උදවිය සඳහා නොනවත්වා දීමට කටයුතු කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

එම ම්ලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බවද පාකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

More articles

Latest article