28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

උඩුපිහිල්ල කත මිය ගියේ ගෑස් පිපිරීමකින් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Must read

මාතලේ උඩුපිහිල්ල ප්‍රදේශයේ කාන්තාවක් ගෑස් අනතුරක් හේතුවෙන් මිය ගිය බව පැවසුව ද එම කාන්තාවගේ නි‍ෙවසේ ගෑස් උඳුන, ගෑස් සිලින්ඩරය සහ අනෙකුත් උපාංග කිසිවකට හානියක් සිදු වී නැති බවට මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඊයේ (7) පැවසීය.

ඇය පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් මාතලේ පොලිසිය කළ විමර්ශනවලදී මේ බව තහවුරු වී ඇති බවත් ඇය ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ගෑස් උඳුනට ගිනි දැල්වීමට උත්සහ කළ අවස්ථාවේ එම කාන්තාව ඇඳ සිටී ඇඳුමට ගිනි ඇවිළීමෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පසුගිය මස 19 වෙනිදා එම කාන්තාව උදෑසන ගෑස් උඳුන දැල්වීමට යාමේදී මෙලෙස සිරුරට ගිනි ඇවිලීමෙන් තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර එහි සැත්කමකටද ලක්ව දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව මිය යෑමට දින කිහිපයකට පෙර නිවසට පැමිණ තිබේ. ඉන් අනතුරුව නැවත වෛද්‍ය පරික්ෂණයක් සඳහා ඇය රෝහල් ගත කර ඇති අතර එහිදි මියගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම කාන්තාව මියගොස් ඇත්තේ පිලිස්සුම් තුවාල සහ හෘදයේ ඇතිවූ සංකූලතා හේතුවවෙන් බව ඇයගේ මරණ පරික්ෂණ වාර්තාවෙන් තහවුරු වන බවයි.

කෙසේ නමුදු ඇයගේ සිරුර ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය, ගෑස් උඳුන, ගෑස් බටය, සහ අනෙකුත් උපාංග පිපිරීමකින් නොවන බවට පොලිස් විමර්ශනවලදී තහවුරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන මාතලේ පොලිසිය සිදු කරයි.

More articles

Latest article