28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ජනතා සෝ සුසුම් මැද ප්‍රියන්ත සමු ගනියි

Must read

පාකිස්තානයේ සියල්කොට්හි දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු ඊයේ (08) පස්වරුවේ ගනේමුල්ල ‍පොල්හේන සුසාන භූමියේදී සිදු කෙරිණි.

පාකිස්තානයේ සිට මෙරටට එවූ ඒ මහතාගේ මෘත දේහයේ අවශේෂ කොටස් ගනේමුල්ල, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ ඔහුගේ නිවෙසේ තැන්පත් කර තිබුණි.

කථානායකවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්, පොලිස්පතිවරයා ඇතුළු ප්‍රභූහු රැසක්ද ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් දේහය ගනේමුල්ල, පොල්හේන සුසාන භූමියේ මිහිදන් කිරීමට කටයුතු කෙරිණි.

More articles

Latest article