27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

පෝලන්තය හා ශ්‍රි ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

Must read

පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

මේ සදහා පෝලන්ත ගුවන් සේවය විසින් බෝයිං – 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

අලුයම 05.35 ට එල්.ඕ.- 067 දරන ගුවන් යානය පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , ජල ආචාර පවත්වමින් පිළිගැනීමට කටයුතු කර තිබුණි .

එළඹෙන 2022 වසරේ මාර්තු මස 31 දින දක්වා ශීත ඍතු කාළසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ක්‍රියාත්මක වීමට නියමිතය .

More articles

Latest article