28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

‘පළාත් නවය’ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය 80%ක්, ව්‍යාපෘති 40ක වැඩ අවසන්

Must read

සෑම පළාතක්ම ආවරණය වන පරිදි රුපියල් කෝටි 500ක මුදලක් වැය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කළ ‘පළාත් නවය‘ සංවර්ධන ව්‍යාපෘතිය සියයට 80කට ආසන්න ප්‍රගතියක් ලබා ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එන්.පී.කේ රණවීර මහතා පැවසීය. මේ යටතේ ව්‍යාපෘති 62ක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කළ බවත් ඉන් ව්‍යාපෘති 40ක් මේ වසර අවසන් වීමට පෙර වැඩ අවසන් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

තෝරා ගත් සතිපොළ, බස් නැවතුම්පොළ, බහු කාර්යය මධ්‍යස්ථාන, වාහන නවතා තැබීමේ අංගණ, ඇවිදින මංතීරු ආදි ජනතාව අත්‍යවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම මෙමඟින් බලාපොරොත්තු වී ඇත.

මේ යටතේ ආරම්භ කළ ව්‍යාපෘති අතරින් කොටගල පාරිසරික තෙත්බිම් උද්‍යාන සංවර්ධනය 1 අදියර, ශ්‍රී පාදය ආශ්‍රිතව පහසුකම් සංවර්ධනය, ගෝමරන්කඩවල පොළ සංවර්ධනය, සීතාඑළිය යටිතල පහසුකම් සංවර්ධනය, මාදම්පේ පොදු වෙළෙඳපොළ සංවර්ධනය, රඹුක්කන රථගාල සංවර්ධනය, පල්ලෙබැද්ද පොදු වෙළෙඳපොළ (වහලය), කරාපිටිය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය අධියර 1, නිල්වලා ගංතෙර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය, දෙනියාය රථගාල සංවර්ධනය, රත්මලාන, බෙලෙක්කඩේ පොළ සංවර්ධනය, මිනුවන්ගොඩ පොදු වෙළෙඳපොළ සංවර්ධනය, ගම්පහ පොදු වෙළෙඳපොළ සංවර්ධනය, මාකෙවිට ඇවිදින මංතීරුව අදියර 1 ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති 40ක වැඩ අවසන් කර ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

මින් සමහරක් මේ වන විටත් ජනතාව වෙනුවෙන් විවෘත කර ඇති අතර වැඩ අවසන් කළ අනෙකුත් ව්‍යාපෘතිද මේ වසර අවසානයට පෙර ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘත කිරීමට නියමිතයි.

More articles

Latest article