27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 13 දෙනකුට පශ්චාද් උපාධියට දුන් කෝටි 2 1/2ක් අපතේ ගිහින්

Must read

2009 – 2017 වකවානුවේදී පශ්චාද් උපාධි හැදෑරීම සදහා ප්‍රතිලාභින් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 13 දෙනකු සඳහා රුපියල් මිලියන 25ක් දී තිබුණ ද එම පිරිස මේ වන විට උපාධි පාඨමාලා අතහැර දමා ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී පසුගිය 8 වැනිදා අනාවරණය විය.

2009 – 2017 වකවානුවේදී පශ්චාත් උපාධි හැදෑරීම සදහා ප්‍රතිලාභින් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 13 දෙනකු සඳහා රුපියල් මිලියන 25ක් ලබා දී තිබුණද එම පිරිස මේ වන විට උපාධි පාඨමාලා අතහැර දමා ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී පසුගිය 8 වැනිදා අනාවරණය විය.

එමෙන්ම 2017 වසරේදී විශ්වවිද්‍යාල 8ක කථිකාචාර්යවරුන් 12 දෙනකු පර්යේෂණ සඳහා රුපියල් මිලියන 34.3ක මුදලක් අනුමත කරගෙන තිබුණද එය භාවිතයට ගෙන නැති බව අනාවරණය වෙයි. පසුගිය කාලය තුළ ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනකු විශ්වවිද්‍යාලවලින් ඉවත් වී ඇති බවද අනාවරණය වූ අතර මෙවැනි තත්ත්වයක් යටතේ මෙම සියලු දෙනාට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ වැදගත්කමද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

2019 වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමර්ශනය සඳහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (8) පැවති කෝප් කමිටු රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම කාරක සභා රැස්විමට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජයන්ත සමරවීර, ජගත් පුෂ්පකුමාර සහ මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

More articles

Latest article