29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

පෙට්‍රල් නිසා ඇති වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට

Must read

පෙට්‍රල් නිසා ඇති වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි.

නිවෙස් තුළ පෙට්‍රල් ගබඩා කිරීම මීට ප්‍රධානතම හේතුව විය හැකි බවද ඔහු කියා සිටියේය.

සමහර අය ගෙදර පෙට්‍රල් ගබඩා කරන්නේ අනාරක්ෂිත විදියට. යන්ත්‍රයට පෙට්‍රල් දැමීමේදී විදුලි ජනක යන්ත්‍රය අසල දැල්වූ ඉටිපන්දමක් තබා ගැනීමෙන් මරණ දෙකක් පසුගියදා වාර්තා විය. මීට පෙර, භූමිතෙල්, උතුරන වතුර හෝ අඟුරු නිසා පිළිස්සුම් තුවාල වැඩි ප්‍රමාණයක් සිදු වූ නමුත් පසුගිය සතිය තුළ වැඩිම පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගත වූ සංඛ්‍යාව පෙට්‍රල් නිසා සිදුවී ඇති බව ඔහු පැවසීය.

පෙට්‍රල් අධික ලෙස ගිනි ගන්නා බැවින් නිවසේ ගබඩා කිරීමෙන් වළකින ලෙස ඔහු තරයේ අවවාද කළේය. පවතින ඖෂධ හිඟය පිළිස්සුම් තුවාල සඳහා රෝහල්වල ප්‍රතිකාර කිරීමට බලපා ඇති බවද ඔහු සඳහන් කළේය. “නවීන ශිල්පීය ක්‍රම භාවිතා කරනවා වෙනුවට, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පවතින සම්පත් වලින් කළමනාකරණය කළ යුතුයි,” ඔහු පැවසීය.

More articles

Latest article