28 C
Colombo
බ්‍රහස්පතින්දා, අගෝස්තු 18, 2022

ආයතන 87ක් ජනපති යටතට

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ආරක්ෂක, මුදල් සහ ආර්ථික ස්ථායීතාව සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශවලට ආයතන 87ක් ඇතුළත් වී තිබේ.

කැබිනට් අමාත්‍යාංශවලට අයත් ආයතන සඳහන් ගැසට් නිවේදනය පෙරේදා (26) ප්‍රකාශයට පත් විය.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආයතන 28ක් පවතින අතර, ආරක්ෂක ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ජාතික බුද්ධි සේවය, සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුව, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, රක්නා ආරක්ෂණ ලංකා සමාගම‍‍, ජාතික ආරක්ෂක අරමුදල, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒ අතර වේ.

මුදල්, ආර්ථික ස්ථායීතාවය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ආයතන 59ක් ද ජනාධිපතිවරයාගේ විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වී තිබේ. මහා භාණ්ඩාගාරය, ජාතික අය වැය දෙපාර්තමේන්තුව, දේශීය අදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය, සුරාබදු දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, රජයේ බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය ආර්ථික කොමිසම, වනජීවී පදනම එම ආයතන අතර වේ.

ජනාධිපතිවරයා යටතට තාවකාලිකව පවරා ගැනුණු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ආයතන 4ක් ද වරාය සහ නාවික අමාත්‍යාංශය යටතට ආයතන 6ක් ද කාන්තා ළමා සහ සමාජ බලගැන්වීම් අමාත්‍යාංශය යටතට ආයතන 15ක් ද තාක්ෂණික කටයුතු අමාත්‍යාංශය යටතේ ආයතන 6ක් ද අයත්ය.

කාන්තා ළමා සහ සමාජ බලගැන්වීම් අමාත්‍යාංශය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික කාන්තා අධිකාරිය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වේ. වරාය සහ නාවික අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා එයාර් ලයින්ස්, ලංකා නැව් සංස්ථාව ද තාක්ෂණික කටයුතු අමාත්‍යාංශය යටතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද ඇතුළත්ය.

More articles

Latest article