28 C
Colombo
බ්‍රහස්පතින්දා, මාර්තු 28, 2024

ජනාධිපති මන්දිරයේ නාවික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ලක්ෂ 12ක ඖෂධ හා වෛද්‍ය උපකරණ සොරාගෙන

Must read

කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වී සිටි පිරිස් එහි වෛද්‍ය මධ්‍යස්ථානයට පහර දී එහි තිබු රුපියල් ලක්ෂ 12 ට අධික වටිනා වෛද්‍ය උපකරණ හා ඖෂධ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය නාවික හමුදාව විසින් පවත්වාගෙන ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මන්දිරයට ඇතුලු වු පිරිස් විසින් මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුලු වී එහි දේපළ වලට අලාභ හානි සිදුකරන එහි ගබඩා කර තිබු මෙම වෛද්‍ය උපකර හා ඖෂධ තොගය පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිට පවසයි.

නාවික හමුදාව විසින් මෙම පැමිණිල්ල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

More articles

Latest article