33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

IMF ගිවිසුම මේ මස අගදී – ජනපති

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල ගිවිසුම් අගෝස්තු මස වන විට අවසන් කිරීමට හැකි වෙතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන් පසු ස්වෛරි බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ තවදුරටත් සාකච්ඡා කළ හැකි වන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අමෙරිකාවේ ද වෝල් ස්ට්රීට් ජර්නල් සමඟ පෙරේදා (31) සම්මුඛ සාකච්ඡාවකට ඒක් වෙමිනි.

අරමුදල් බෙදා හැරීම සඳහා අවශ්‍ය ඕනෑම මුලික ගිවිසුමකට අයි.එම්.ඒෆ්. මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන අතර ඒ් ක්‍රියාවලිය සඳහා මාස කිහිපයක් ගත වනු ඇති බවත් අස්ථාවර දේශපාලන තත්ත්වයක් නොතිබුණා නම් මේ කටයුතු ජුලි මසදී සිදු කර ගැනීමට තිබුණු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වූ පසු ණය හිමියන් සමඟ විවිධ ප්‍රවේශයන් අනුගමනය කරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

උඝ්‍ර ඉන්ධන අර්බුදය අවම කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත් මුදල් සොයා ගැනීමට හැකි වනු ඇතැයි මහ බැංකුව විශ්වාසය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මඟ ඒමින් තිබුණත් ලබන වසරේ ඉන්ධන, ආහාර සහ පොහොර වැනි ප්‍රධාන ආනයන සඳහා වෙනත් මූලාශ්‍රවලින් ඩොලර් බිලියන 3කට වැඩි මුදලක් ලබා ගැනීමට ලංකාවට සිදු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

More articles

Latest article