27 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ජනපති අමරපුර මහා නාහිමි බැහැදකී

Must read

රටෙි දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් සෙවීම සඳහ සර්වපාක්ෂික ආණ්ඩුව ඉතා වැදගත් බව අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියෝ පැවසූහ.

සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවමින් රටේ දැවෙන ප්‍රශ්නවලවලට කඩිනම් විසඳුම් ලබාදීමට ශක්තිමත් රජයක් අත්‍යවශ්‍ය බව ද මහා නාහිමියෝ කීහ.

රාජගිරිය, කලපලුවාව, ගෝතම තපෝවන විහාරස්ථානයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමරපුර මහා නිකායේ මහා නා හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමග සාකච්ඡාවේ නිරත වීමෙන් පසු ධාතු මන්දිරයට ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කොට ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.

එහිදී අනුශාසනාවක් කරමින් දොඩම්පහල චන්දසිරි මහා නා හිමියන් පැවසූයේ කෘෂිකර්මාන්තයට මුල්තැන දී රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතු බවයි. කුසලතාව මත පදනම්ව රැකියා අවස්ථා ඉලක්ක කරගත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම සහ අනාගත ලෝකය ජයගත හැකි සුදුසු විෂයයන් පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බව ද මහා නා හිමියෝ පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පල්ලේකන්ද රතනසාර හිමි ඇතුළු එම නිකාය නියෝජනය කරන සංඝ සභාවල මහා සංඝරත්නය ද සහභාගී වී සිටියහ.

More articles

Latest article