32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

සිංගප්පූරු ජනපතිනියගෙන් ජනපති රනිල්ට සුබ පැතුම්

Must read

ශ්‍රී ලංකාවේත් එහි ජනතාවගේත් උන්නතියට ගන්නා සියලු පියවර සාර්ථක වේවායි සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යාකොබ් මහත්මිය (Halimah Yacob) සඳහන් කරන්නීය.

ජනාධිපති ධුරයට පත් වීම නිමිත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සිංගප්පූරු ජනාධිපතිතුමිය මේ බව සඳහන් කර තිබේ. සිංගප්පූරුවේ 57 වැනි ජාතික දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කරන ලද සුබපැතුම් පිණිවිඩය සම්බන්ධයෙන්ද සිංගප්පූරු ජනාධිපතිතුමිය සිය ස්තූතිය පිරිනමා ඇත.

More articles

Latest article