34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ගිනි තැබූ ජනපති නිවෙසේ බුදු පිළිමය සහ පොත් පිළියන්දල අයකු ළඟ; දුරකථන ඇමතුමක් ඔස්සේ CID විමර්ශන

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසින් පසුගිය 9 දා සොරා ගත් බුදුපිළිමයක් සහ පොත් පත් කිහිපයක් තමන් සන්තකයේ ඇති බවට පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාර දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

ජනාධිපති කාර්යාලයේ පොදු දුරකථන අංකයකට ඇමතුමක් දී ඇති මෙම පුද්ගලයා පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබූ දින මෙම බුදුපිළිමය සහ පොත්පත් සොරා ගත් බවත් සුරක්ෂිතව පවතින එම භාණ්ඩ නැවත දීමට අවශ්‍ය බවත්ය.

සොරා ගත් එම භාණ්ඩ ළඟ තබා ගැනීම බිය ගෙන දෙන කරුණක් බැවින් නැවත ඒවා දීමට අවශ්‍ය බව එම පුද්ගලයා පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා ඇමතීමට අවශ්‍ය බව ඔහු පවසා ඇති අතර එම අවස්ථාවේ ඇමතුම ගත් නිලධාරියා ඒ බව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාර දී ඇත.

More articles

Latest article