32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

බ්‍රිතාන්‍ය මහ රැජිනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා – ජනපති

Must read

බ්‍රිතාන්‍යයේ ‍එළිසබෙත් මහ රැජිනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එළිසබෙත් මහ රැජිනගේ අසනීප තත්ත්වය පිළිබඳ පුවත අසන්නට ලැබීම ගැන කනස්සල්ලට පත්වූ බවය.

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

බ්‍රිතාන්‍ය මහ රැජින මේ වනවිට 96 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිද්ධිය වාර්තාවීමත් සමග ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුවී ඇත.

70 වසරක ජුබිලය සැමරූ මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව බකිංහැම් මාලිගයද නිවේදනය කර සිටී.

More articles

Latest article