34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ජනපති පොදුරද මඬුලු මහ ලේකම් හමුවෙයි

Must read

දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් පෙරේදා (20) පැවැත්විණි. පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා (James cleverly) විසින් චර්ච් හවුස්හිදී සංවිධාන කර තිබූ පිළිගැනීමේ උත්සවයකටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 18 දා එක් වූ අතර, එහිදී ලෝක නායකයන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි.

More articles

Latest article