34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාස ගැන ජාත්‍යන්තර සරසවියක්

Must read

ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා අතර හමුව ඊයේ (30) පෙරවරුවේ මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී ජනාධිපතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කළේය.

පසුගිය කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට දුන් හදිසි ආධාර පිළිබඳ සභාපතිවරයා වෙත ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර, පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම පිළිබඳ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවට සභාපතිවරයා මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන කටයුතු පිළිබඳද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දැනුම්වත් කරනු ලැබීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සේවයේ නියුතු වෘත්තිකයන් සමඟද සාකච්ඡාවක නිරත විය.

More articles

Latest article