26.4 C
Colombo
සඳුදා, නොවැම්බර් 28, 2022

ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු තැන්පත් අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් ඊයේ (2) පැවැත්විණි.

කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳ සාකච්ඡා කළේය.

කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක පියල් ජානක ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ සහ කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රිශාන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටි අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද ඊට සහභාගි විය.

More articles

Latest article