26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

P627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා චාරිකාව

Must read

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව (02) ඇමරිකාවේ ගුවාම් හී (Guam) අප්‍රා (Apra) වරායට සේන්දු විය.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පසුගිය 2021 වර්ෂයේ ඔක්තෝබර් මස 26 වන දින නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව පී 627 දරණ පෙනන්ට් අංකය (Pennant Number) යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි අවශ්‍ය තාක්‍ෂණික හා නවීන උපාංග එක් කර නවීකරණය කිරීමෙන් පසු, ඇමෙරිකාවේ සියැටෙල් වරායෙන් 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් අරඹන ලදි.

ඒ අනුව, මාසයක කාලයක් ශාන්තිකර සාගරය ඔස්සේ නාවික සැතපුම් 5898 පමණ (කිලෝමීටර් 10923 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් පසු සැපයුම් හා සේවා අවශ්‍යතා සපයා ගැනීම සඳහා 2022 ඔක්තෝබර් මස 02 වන දින පී 627 නෞකාව මෙලෙස ඇමරිකාවේ ගුවාම් හී අප්‍රා වරායට සේන්දු විය.

තවද, පී 627 නෞකාව මෙම දීර්ඝ මුහුදු ගමනෙහිදී එහි මීළඟ සැපයුම් අවශ්‍යතා සඳහා පිලිපීනයේ මැනිලා (Manila) හා සිංගප්පූරුවේ චැංගි (Changi) යන වරායන් වෙත සේන්දුවීමෙන් අනතුරුව, එළඹෙන 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත.

More articles

Latest article