33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Must read

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (05) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථයන් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පැවතුණි.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ය.

අදාළ ආයතනවල කාර්යය භාරයන් ද ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

ඊට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති කාර්මික තාක්ෂණ ආයතනය අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරා ඇති බව වාර්තා වේ.

More articles

Latest article