25.4 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

ජනපති රනිල් අනුරට චතුරාර්ය සත්‍යය අවබෝධ කර දෙයි

Must read

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමානාත්මතාව ගැන නොව චතුරාර්ය සත්‍යය ගැන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

පසුගිය කාලේ ඩුබායිහි ඇති ගිණුමක් ගැන සොයා බැලීමට ආණ්ඩුවෙන් කණ්ඩායමක් ගිය නමුත් එහි ප්‍රතිඵලයක් මෙතෙක් ලැබී නැතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

දුක ගැන, දුක නැති කිරීම ගැන, ඒ සඳහා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කළේ යැයි ද ජනාධිපතිවරයා කීවේය. එක කාරණයක් මම පැහැදිලි කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ ජනාධිපති උපදේශක ජේ.සී. වැලිඅමුණගෙ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඩුබායිවලට ගියා. ඩුබායිවල ඒ ගැන හොයලා බලලා ලංකාවට පැමිණියා. නමුත් ඊට පස්සේ ඒ අය සම්බන්ධයෙන් පියවර ගත්තේ නැහැ. මගේ යටතේ නෙමෙයි ඒ අය හිටියේ යැයිද ජනාධිපතිවරයා කීවේය.

More articles

Latest article