34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

මානව හිමිකම් වලට මුවා වී ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නන් රකින්නේ නෑ – ජනපති

Must read

ප්‍රචණ්ඩ ක්‍රියා කර මානව හිමිකම්වලට මුවා වී එන අය ආරක්ෂා කරන්න අපට බැහැ. මේ රටේ අවුලක් ඇති කරන්න ඉඩ දෙන්න බැහැ. නීතිය අනුව කටයුතු කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව කවුරුත් අත්අඩංගුවට අරන් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මුදලිගේ දැන් විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා අවුරුදු 08ක්ද කොහෙද වෙනවා. මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළේ, අවුරුදු 21දී. පාරේ කෑ ගැහුව කියල මම පාර්ලිමේන්තුව විසිරුවන් නැහැ. නිශ්ශබ්ද වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අයට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන යැයිද එහිදී ජනපතිවරයා පැවසීය. හමුදාවේ පහළම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා ආණ්ඩුව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. පසුගිය අරගලය සමයේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හමුදාවට ස්තූති කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමන් ජනාධිපති ධුරයට පත් වූයේ අරගලය නිසා නොවන බවත් ජනාධිපති ඉවත් වූ නිසා ජනාධිපති ධුරය භාර ගැනීමට අගමැතිට වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් මුජිබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට තුන්බිය වැලඳී ඇති බව පැවසුවත් මරික්කාර් බිය, හිරුණිකා බිය, රෝසි බිය තිබුණත් එය තුන් බිය නොවේ යැයි ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ සිතේ තුන්බිය ඇති වී ඇතැයි මුජිබර් රහුමාන් මහතා පැවසුවා. තුන්බිය පුද්ගලයකුට හැදෙන්න බෑ. තුන්බිය ඇති වුණේ විශාලා මහනුවර. එය ජනතාවට ඇති වුණු දෙයක්. රෝග බිය, මරණ බිය, අමනුෂ්‍ය බිය එය ජන සමූහයකට ඇති වෙන්න පුළුවන්. එතුමාට එය පැහැදිලි කර ගන්න රතන සූත්‍රයට ඇහුම්කන් දෙන්න. කිසිවිටෙක පුද්ගලයකුට තුන් බිය හැදෙන්නේ නැහැ යැයිද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට පැමිණි යුද හමුදා බළ ඇණිවලට මම ස්තූති කරනවා, ඔවුන් නොසිටියා නම් අද මේ පාර්ලිමේන්තුව නැහැ. හමුදාවේ අනාගතය ගැන රජය වගකිව යුතුයි. අපට අවශ්‍ය අලුත් හමුදාවක් හදන්න. අද තර්ජනයක් නැහැ කියලා නිකන් ඉන්න බැහැ. ලෝකයේ වෙනස් වෙනස් විදියට ආරක්ෂාව පිළිබඳ තර්ජන ඇති වෙනවා.

මුහුද ගැන බලන්න ඕන. 2030 පමණ වන විට නාවික හමුදාව වැඩි කරන්න ඕන. අමෙරිකාව වැනි රටවල් දැනටමත් මේ සඳහා සැලසුම් හදලා තියෙන්නේ. ඉදිරියේදී ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ සඳහා යුද හමුදාව යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හමුදා නිලධාරීන්ගේ උසස්වීම් ආදිය වැඩි වී ඇති හෙයින් යුද හමුදාව සඳහා වැඩි මුදලක් අය වැයෙන් වෙන් කිරීමට සිදුව තිබෙනවා.

විජිත හේරත් කියනවා අරගලයේ පිහිටෙන් ජනාධිපති වෙලා අද අරගලය මර්දනය කරන්න හදනවා කියලා. අරගලයේ පිනෙන් නෙවෙයි. ජනාධිපති ගියොත් ඒ තනතුර ගන්න වෙන්නේ අගමැතිට. එහෙම නම් තමුන්නාන්සේට ගෝඨාභය රාජපක්ෂ මහතා බදාගෙන ඉන්න තිබුණේ.

එයා බදාගෙන හිටියනම් මම ජනාධිපති නෙවෙයි. මගේ ගෙදර පිච්චුවනේ මාව අයින් කරන්න කියලා. මම මේක ඉල්ලුවේ නැහැ. මට මහනායකහිමිවරුන් කිව්වා, මම ගිහින් භාර ගත්තා. මම ලියුම් ලිව්වේ නැහැ. විපක්ෂ නායකවරයාට අමතක වෙලා තියෙනවා එතුමා ජනාධිපතිවරයාට එවපු ලිපිය. ඒ වෙනකොට මම දිවුරුම් දීලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගිහින් විපක්ෂ නායකවරයාගේ උපදෙස් ගත්තා.

More articles

Latest article