ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් පෙරේදා (05) ආරම්භ කෙළේය .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සහ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රධාන පකෂයේ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් සාර්ථකව ඇප මුදල් තැන්පත් කෙරුණි.
මෙහිදී අදහස් පළ කරමින් ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ 23 වැනිදා වන විට රටේ සියලුම දිස්ත්‍රික්කවලට නමයෝජනා ලබා දී අවසන් කරන බවයි. සියලු පළාත් පාලන ආයතනවලට පොහොට්ටුව යටතේ තරඟ කරන අතර ඇතැම් තැන්වලදී සන්ධාන ගතව තරඟ කරන බවද කීවේය.